නවතම පුවත්

සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් ගැනත් අගමැති උපදෙසින් වැඩපිළිවෙළක්

අසංක

අසංක

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින මව්වරුන්ගේ සිර කඳවුරු තුළම සිටින කුඩා දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ වනවිට එවැනි දරුවන් 46 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර තුළ සිටී.

ජාතික පුවත්පතක මේ පිළිබඳ පළවූ පුවතක් වෙත අවධානය යොමු කළ අගමැතිවරයා විසින් මේ පිළිබඳ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී තිබේ.

ගැබිනියන් වශයෙන් සිටින අතරතුරදී හා අලුත උපන් දරුවන් සිටින අතරතුරදී බන්ධනාගාර ගත වූ මව්වරුන්ගේ, අවුරුදු පහට අඩු වයසේ පසුවන මෙම දරුවන් 46 දෙනා අධිකරණ නියෝග මත මේ වන විට මව්වරුන් භාරයේ රඳවා තබා ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව මෙම දරුවන් පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා ඇත්තේ එම දරුවන් පිළිබඳ සියලු තොරතුරු රැස් කරමින් පවතින බවයි.

එම දරුවන්ට නිදහස ලබාදීමට අදාළ නෛතිකමය පසුබිම හා ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් ඉදිරියේදී කඩිනමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව දැනුම්වත් කරන බව ද ඇය ප්‍රකාශකර ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කර සිටියේ එම මව්වරුන්ගෙන් බහුතරයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අය බවයි.

ඊට අදාළ තොරතුරු සම්බන්ධයෙන් කඩිනමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලබා දෙන බව ද තුෂාර උපුල්දෙනිය මහතා වැඩි දුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්