අනවසර ගිනිඅවි, පුපුරණ ද්‍රව්‍ය බාරදෙන්න පොදු සමාකාලයක්

Picture of අසංක

අසංක

අනවසරයෙන් ළඟතබාගෙන ඇති ගිනිඅවි, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය රජයට බාරදීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

ඒ අනුව ලබන 05 වැනිදා සිට 12 වැනිදා දක්වා මෙම පොදු සමාකාලය ප්‍රකාශයට පත්කොට ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් නොමැතිව ළඟතබාගෙන සිටින ඉහත ද්‍රව්‍ය පොදු සමාකාලය තුළ ළඟම ඇති පොලීසියට බාරදෙන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

පොදු සමාකාලය අවසන් වූ පසුව ඒවා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.