නවතම පුවත්

නාවික හමුදාවෙන් ලැබුණු හිග වැටුප අරන් රණවිරු රාජමන්ත්‍රිගේ නිවසට ගිය යෝෂිත

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දරුවන් තිදෙනෙකු සමග අසරණ වු මට මගේ රාජාව බේරලා දෙන්න යැයි බිරිදක් දරුවන් තිදෙනෙකු තුරුලු කරගෙන ඇඩු කදුලින් ඉල්ලු වාර ගණන ඔබට අමතකව ගොස් ඇතැයි සිතේ.

ඒ ගැන කිසිවෙකුත් කම්පා විය යුතු නැත. අපේ රටේ ධාරමාන සමාජ තත්ත්වය එයයි. කැපවීම් කරන විට කර මතින් දෝලාවට නග්ගන බොහෝ චරිත ඉලක්කය ළගාවු පසු අමතක කොට කුණු කූඩෙට වැටීම අහම්භයක් නොවේ.

රණවිරුවන් බොහෝ දෙනෙකුට පසුගිය ආණ්ඩු සමයේ දංගෙඩිය උරුමවුයේ ඔවුන් රට වෙනුවෙන් තැබු අභිත පියවර අමතක කර දමමනි.

එවැනි පරිසරයක කඩේ කලින් වසා දැමීමට ඔවුන් පුරුදු පුහුණු කරන්නට ගත්තේ පහුගිය යහපාලනයයි. එය කෙළවර වුයේ පාස්කු ඉරිදා අහිංසක කිරි සප්පයන් ඇතුළු සිය ගණනකට ජීවිත අහිමි කරමිනි.

එවැනි මෑත අතීතයක්වත් මතක නැති සමාජයක කොටි ත්‍රස්තවාදයත්, තිස් වසරකට වැඩි කාලයක් රටම වෙලා ගත් යුද්ධයත් මතකදැයි විමසීම විහිළුවකි.

කවදාවත් අවසන් නොවේ යැයි සිතු යුද්ධයක් අවසන් වුයේ රණවිරු රුධිරය ගලා ගිය බිමෙන් උපන් වීරත්නය තුළය. ඔවුන් ජීවිත පමණක් නොව ඇස් ඉස් මස් ලේ මේ පින්බිම වෙනුවෙන් පරිත්‍යාග කළේය. සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රි සිව් වැනි ඊලාම් යුද්ධයේ පුරාවෘතයකි..

බුද්ධි නිලධාරියෙකුවීම නිසාම රටේ පුවත්පත්, රූපවාහිනි සහ සමාජ මාධ්‍යවල නිතර නම නොකියවුණිද ඔහු රට වෙනුවෙන් කළ මෙහෙය මේ යැයි කියා අවසන් කළ නොහැකිය.

රුදුරු කොටි ත්‍රස්තවාදී නායකයා වූ වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍ය සිහිනය සැබෑ කිරීමට යාපනය අර්ධද්වීපය අල්ලා ගන්නට යුද සැලසුම් ක්‍රියාත්මක කරද්දී ප්‍රභාකරන්ගේ යුද සැලසුම් දියාරු කරන සන්නද්ධ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රීය.

යාපනය අර්ධද්වීපය තුළ ත්‍රස්ත මෙහෙයුම් සැලසුම් කරන ටොසී ඔත්තු සේවාවේ නායක ශිවශංකර් ‍පොට්ටුඅම්මාන්ගේ බුද්ධි ජාලයට එරෙහිව ක්‍රියාත්මක වූ දක්ෂ නිලධාරියකු නිසා කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ්ගෙන් පසුව ප්‍රධාන ඉලක්කයක් වී සිටියේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රීය.

ලෝකයේ ඕනෑම රටකින් කොටින්ගේ ආයුධ නැවක් පිටත් වූවා නම් නැව පිටත් වූ තැන සිට නැව ගොඩබාන්නට එන තැන දක්වා තොරතුරු කල්තියාම ඩික්සන් රාජමන්ත්‍රීට ලැබුණේය. ඒ ඔහුට දෙස් විදෙස් කොටි ඔත්තු ජාලයට රිංගා යන ඔත්තුකරුවන් සිටි දක්ෂ බුද්ධි නිලධාරියකු නිසාය. කර්නල් මුතාලිෆ්, කර්නල් මිඩින්, බ්‍රිගේඩියර් සුරේෂ් සෙලෙයි වැනි බුද්ධි අංශයේ පතාක යෝධයන්ගෙන් පසුව නමක් රැන්දු නිලධාරීන් අතර ඉහළින්ම සිටියේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රීය.

කොටින්ගේ අවි ආයුධ නැව් කොටු කරන්නට දැක්වූ දක්ෂතාව නිසාම බුද්ධි බළකාය තුළ රවි යන අන්වර්ථ නමින් පෙනී සිටි රාජමන්ත්‍රී ‘නැව් රවී’ යන නමින් ප්‍රසිද්ධියට පත් වූවෙකි යැයි පුවත්පත් පිටු අතර මේජර් ඩික්සන් රාජමන්ත්‍රි ගැන පළව තිබු ලියැවිල්ල අපේ කතා නායකයා තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.

මගේ රාජාව බේරා දෙන්න යැයි ඇඩු කදුලින් දරුවන් තිදෙනෙකු තුරුලුකරගෙන ඉල්ලු බිරිද ඔහුගේ බිරිදය. ඇය ගීතාංජලී ගුණතිලක මහත්මියයි.

මේජර් ඩික්සන් රාජමන්ත්‍රී හා සැරයන් ප්‍රියන්ත රාජකරුණාට  2018 වසරේ මරණ දඬුවම නියම වුයේ යාපනය, කෝපායි ‍පොලිස් වසමට අයත් තිරුනල්වේලිහිදී රජයේ පාලන ප්‍රදේශවල ක්‍ලේමෝ ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවට කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු වු ඇන්ටන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හදිසියේ අසනීප වී රෝහල්ගත කළ පසු 1998 සැප්තැම්බර් 10 දා මරණයට පත්වීමට අදාලවය.

විසි වසරකට පසුව යහපාලන ආණ්ඩු සමයේ ලැබුණු නඩු තීන්දුව සමග අසරණව සිටින ගීතාංජලී ගුණතිලක මහත්මිය ඇතුළු දරුවන් තිදෙනා බැලීමට පසුගියදා මහනුවර පිළිමතලාවේ පිහිටි නිවසට අමුත්තකු පැමිණියේය.

ඔහු ලුතිතන් කොමාන්ඩර් යෝෂිත රාජපක්ෂය. ඔහු සමග බිරිද නිතීෂා ද සිටියාය.  අගමැතිවරයාගේ පුතා වීම නිසා පුරවාගත් මාධ්‍ය නඩයක් මේ නිවස පෙනෙන මානයකවත් සිටියේ නැත. යෝෂිත ගිය ගමන ගැන දැන සිටියේ ඔහුගේ බිරිද සහ සමීපතයන් කිහිපදෙනෙකු පමණි.

2016 පෙබරවාරි 28 වැනිදා අත්හිටුවු නාවික හමුදා සේවය නැවත පසුගිය ආණ්ඩුව විසින්ම 2019 සැප්තැම්බර් 23 වැනිදා යළි යතා තත්ත්වයට පත්කරන තුරු යෝෂිත රාජපක්ෂටද සිය නාවික හමුදා දිවිය ගතකිරීමට අවස්ථාවක් උදාවුයේ නැත. සේවය හා තනතුරු නැවත ලැබී, හිග වැටුප් ලැබුණු පසු යෝෂිතට මුලින්ම මතක් වුයේ ඩික්සන් රාජමන්ත්‍රිගේ දරු පවුලය.

රට වෙනුවෙන් අනන්තවත් කැපවීම්කොට අවසානයේ දංගෙඩියට යාමට සිදුවු විට වීරත්වය වෙනුවෙන් දිවි පුජා කිරීමට බලා සිටින්නන්ට සිදුවන්නේ කුමක්ද ? තාත්තා නිවසේ සොයන දරුවන්ට ගීතාංලී මහත්මිය දෙන උත්තර මොනවාද ? යෝෂිත රාජපක්ෂට වද දෙන ප්‍රශ්න අතර වුයේ ඒවාය.

හොර රහසේම ගිය ගමනක් වුවත් යෝෂිතට මාධ්‍යයෙන් සම්පුර්ණයෙන්ම වසන් වීමට නොහැකිය. ඔහුගේ අවසරයකින් තොරව වුවද මෙවැනි ලියැවිල්ලක් ලිවීමට හේතු වුයේ මුල අමතක නොකිරීම, කළ ගුණ සැලකීම, තමන්ට ලැබුණු මුදල පරිත්‍යාග කිරීමට සිත්වීම පමණක් නොව රණවිරු රාජමන්ත්‍රිගේ දරුපවුල ගැන සියලු දෙනා අමතක කොට දමා ඇති පරිසරයක ඔවුන්ට හයියක් වීම රට වෙනුවෙන් කැපවෙන අනෙකුත් ලක්ෂ සංඛ්‍යාත රණවිරුවන්ට ශක්තියක් වන නිසාය.

සෑම දිනකම දෙනෙත් කදුලින් තෙත්වන සැටි රාජමන්ත්‍රිගේ බිරිද ගීතාංජලී රෑරාවැටෙන කදුලින් කියද්දි යෝෂිතත් බිරිදත් නිරුත්තරවී සිටියෝය.

හැමදාම උදේට දරුවො තාත්තව අහනවා. මම කියන්නෙ මොකද්ද සර් ? අපි හැමෝම අඩලා දරුවො පාසල් රැගෙන යන්නෙ ගීතාංජලී උණුවෙන හිත ඇස්වලින් කඩා නොවැටී තබන්නට තරම් ශක්තියක් නැතිව කදුලු පිසදමමින් කීවාය.

අපට කළ හැකි දෙයක් කරන්නම්, ඔහු කළ කැපකිරීම් අප අමතක කර නැහැ යැයි යෝෂිත දෙනෙත් රැලි ගන්වමින් සංවේදී හදවතින් කළ කතාව දුන් නොදුන් තෑගිවලට වඩා රාජමන්ත්‍රිටත්, බිරිද හා දරුවන්ටත් මහමෙරක් වටින බව පමණක් ලියා තැබිය යුතුය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්