අනවසර ගිනිඅවි 200ක් පොලිස් භාරයට

Picture of අසංක

අසංක

අනවසර ගිනිඅවි පොලීසිය වෙත බාරදීම සඳහා ලබාදුන් පොදු සහන කාලය තුළ ගිනි අවි දෙසීයක් බාරදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද මෙම පොදු සමාකාලය තුළ අදාළ ගිනි අවි භාරදී තිබූ බව පොලිසිය පැවසීය.

එම කාලය තුළ ගිනිඅවි බාරනොදී තවදුරටත් අනවසර ගිනිඅවි ළඟතබාගන්නා පුද්ගලයන් පිළිබඳ බුද්ධි අංශ සහයෙන් තොරතුරු ලබාගෙන අත්අඩංගුවට ගන්නා බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.