නවතම පුවත්

අන්තර්ජාතික මෝටර් රථ වෙළඳපොළ ජය ගැනීම ඉලක්කයයි – අගමැති මහින්ද

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මොටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ අමතර කොටස් නිපදවීම තුළින් දේශීය සහ අන්තර්ජාතික මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීම රජයේ  මූලික අරමුණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටී

මෙරට වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත ‍මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම නිමිත්තෙන්  ඊයේ (15) පස්වරුවේ පැවැත්වුණු විශේෂ උත්සයකට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස්කර ඇති වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී  එළිදැක්වනු ලැබීය.

මෙහිදී ඊට අදාළ නිල වෙබ් අඩවිය එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණ .

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ  සඳහන් කළේය , “ක්‍රමයක් වෙනස් කරන්න හදනකොට විවිධ බාධක ඇති වෙනවා. නමුත් සාර්ථක ක්‍රමයක් හඳුන්වලා දුන්නාම ඒ හැමෝම වැඩපිළිවෙල සමග එකතු වෙනවා. වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් මීට පෙර තිබුණේ නෑ. මෙය අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙයි,”

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය

“අපි අද එළිදක්වන මේ, වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් මේ ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන අය වෙනුවෙන් පදනම ස්ථීරසාරව සකස් කිරීම සිද්ධ වෙනවා,”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි