නවතම පුවත්

අන්තර්ජාල නිදහස අතින් ශ්‍රී ලංකාව ලොව 51 වැනි තැනට

අසංක

අසංක

ගෝලීයව අන්තර්ජාල භාවිත කිරීමේ නිදහස අඛණ්ඩව 11 වන වසරටත් පහත වැටී තිබේ.

ලොව පුරා රටවල් 70ක පමණ අන්තර්ජාලය භාවිත කිරීමේ නිදහස පිළිබඳ මෙහිදී විශ්ලේෂණය කරනු ලබන අතර Freedom House හි වාර්‍ෂික නවතම වාර්තාව මගින් පහත ඒ ඒ රටවල අන්තර්ජාල නිදහස පිළිබඳ පහත පරිදි ඉදිරිපත් කර ඇත.

අන්තර්ජාල නිදහස අතින් නවතම වාර්තාවේ ශ්‍රේණිගත කිරීම මගින් ශ්‍රී ලංකාවට 51 ස්ථානයට පත්ව ඇත.

අන්තර්ජාල නිදහස භුක්ති විඳීම අතින්  අසල්වැසි ලෝක බලවතකු වන ඉන්දියාවට වඩා දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

මැතිවරණ හා ව්‍යවස්ථාමය අර්බුද මධ්‍යයේ රාජ්‍ය හමුදාව විසින් කඩා බිඳ දැමූ මියන්මාරය 14කින් පහත වැටීම එරට අන්තර්ජාල නිදහස මෙම ව්‍යාපෘතිය ඔස්සේ සමීක්ෂණය කළ දා පටන් වාර්තාවූ විශාලතම පසුබෑම බව එහි දැක්වේ. එමෙන්ම බෙලරුසියාව සහ උගන්ඩාවේ ද බරපතළ ලෙස අනන්තර්ජාල නිදහස පිළිබඳ පිරිහීම් වාර්තා කර තිබේ.

ඒ ඒ රටවල රජයන් විසින් ඩිජිටල් වාරණය කර පාලනය කරන ආකාරය පිළිබඳව ද ෆ්‍රීඩම් හවුස් විසින් විශ්ලේෂණය කරන ලදී. සෑම වර්‍ණ ඛාණ්ඩයකින්ම අවම වශයෙන් එක් සිද්ධියක් හෝ නියෝජනය කරයි. 2020 ජුනි සිට 2021 මැයි දක්වා තතු මෙම වාර්තාවට ඇතුළත් ය. මෙහිදී දේශපාලන, සමාජීය හෝ ආගමික ස්වභාවයන් ඇති අන්තර්ගතය සඳහා ඇති සීමා පිළිබිඹු වේ.

රජයන් විසින් අන්තර්ජාලය සීමා කරන කරුණු 9ක් ඔස්සේ විශ්ලේෂණය කර ඇත.

සමාජ ජාලය හෝ සන්නිවේදන ජාලය අවහිර කිරීම්, දේශපාලන/සමාජීය/ආගමික අන්තර්ගතයන් අවහිර කිරීම්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ජාල හිතාමතා බාධාකිරීම්, ආණ්ඩු හිතවාදී අදහස් ඔන්ලයින් සංවාද විකෘති කිරීම් සීමාකිරීම, අන්තර්ජාලයේ අදහස් සම්බන්ධයෙන් පැනවෙන නවනීති, දේශපාලන හෝ සමාජීය අන්තර්ගතයන් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් හෝ රඳවා ගැනීම්, බ්ලොගර් හෝ ජාල පිටු මෙහෙයුම්කරුවන්ට කරන කායික හිංසන, ආණ්ඩු විරෝධී හෝ මානව ක්‍රියාකාරීන්ට සිදුවන තාක්ෂණික ප්‍රහාර ආදිය මෙම ප්‍රධාන සීමා හා පාලන යටතට ගෙන ඇති නිර්නායකයන් ය.

නව වාර්තාවට අනුව අවම වශයෙන් රටවල් 45 කවත් බලධාරීන් විසින් පුද්ගලික අලෙවිකරුවන්ගෙන් ඔත්තු බැලීමේ සංකීර්ණ මෘදුකාංග හෝ දත්ත ලබා ගැනීමේ තාක්‍ෂණය ලබා ගත් බවට සැක කරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්