අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ ජාතික මහෝත්සවය හෙට

Picture of අසංක

අසංක

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ 2019 වසරේ ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ ජය සංකේත ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවය හෙට (31) පැවැත්වේ.

හෙට පස්වරු 2ට එල්ෆිනිස්ටන් රඟහලේදී පැවැත්වෙන මෙම උත්සවය වාර්ෂිකව  සංවිධාන කරනු ලබන්නේ බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය මගිනි.

තරඟාවලියේ ජයග්‍රාහකයින්ගේ නිර්මාණ ඇතුළත් ‘ප්‍රභාෂ්වර’ ග්‍රන්ථය දොරට වැඩීම ද මෙහිදී සිදුකෙරේ.