නවතම පුවත්

අනාගත ගෝලීය ආහාර අර්බූදයට මුහුණ දීමට මෙරට කෘෂි කර්මාන්තය සංවර්ධනය කරන්න – අගමැති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 අනාගත ගෝලීය ආහාර අර්බුදයටද ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර ගැනේ.
 ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කෙරේ.
 කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුල ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වන්නැයි අග්‍රාමාත්‍ය වරයා ඉල්ලයි.

ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුලින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.


කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ මේ වෙන විට රජය සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.
මහා පරිමාණ කෘෂි කර්ම වැඩ පිළිවෙළ දියත් කිරීම සේම ගෙවතු වගාව පිළිබඳව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරීම අවශ්‍ය පහසුකම් සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොවිජන සේවා කොමසාරිස් වරයාට සහ කෘෂිකර්ම කෘෂිකර්ම නිලධාරීන් ඇතු`ඵ කෘෂිකරම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
මේ යටතේ ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් ඊට අවශ්‍ය

උපදෙස් ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය වරයා උපදෙස් දී ඇත.
කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුල ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප්‍රයෝජනවත් ලෙස ගත කරන්නැයි ද කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට සහය දෙන්නැයිද අග්‍රමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

විජයානන්ද හේරත්
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්