(දම්පත් රණසිංහ)
මෙම වසරේ ජනවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 970.7 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.
මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් රුපියල් කෝටි 29897 කි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද දත්තවලට අනුව, 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේ දී අපනයන ආදායම සියයට 0.77 ක පහළ යාමක් වාර්තා වේ.
පසුගිය වසරේ ජනවාරි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 978.2 කි.