නවතම පුවත්

අපනයන ආදායම 31% කින් ඉහලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෝලීය ආර්ථික අර්බුදයත් මධ්‍යයේ පවා මෙරට අපනයන ආදායම සියයට 31 කින් වර්ධනය කරගැනීමට රජයට හැකිවී ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .

පසුගිය වසරේ (2020) ජනවාරි සිට මැයි දක්වා භාණ්ඩ අපනයන ආදායම සමඟ සැසදීමේදී මෙම වසරේ (2021) ජනවාරි සිට මැයි දක්වා කාල සීමාව තුළ සියයට 32.6 කින් වර්ධනය කරගත හැකිවූ බවත් 2020 ජනවාරි සිට මැයි දක්වා කාල සීමාවේ පැවති සේවා අපනයන ආදායමට සාපේක්‍ෂව පසුගිය මැයි මස වන විට සියයට 27.3 කින් වර්ධනය කරගත හැකි වූ බවත් වෙළෙඳ අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්පැවසුවේ මේ වසරේ ජනවාරි සිට මැයි මස දක්වා සමස්ත අපනයන ආදායම සියයට 31 කින් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමත් වූ බවත් තවදුරටත් අපනයන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා විශේෂඥයින්ගේ දැනුම ද උපයෝගී කරගනිමින් ඉදිරියේදී අපනයන සංවර්ධන සැලැස්ම යථාවත් කිරීමට කටයුතු කරන බවත්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්