නවතම පුවත්

අපනයන ක්ෂේත්‍රයේ ගැටලු ගැන ජනපති අවධානය යොමු කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අපනයන ක්ෂේත්‍රයේ ගැටලු  සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය

දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි.

ඉතා කුඩා පරාසයක ඇති අපනයන ක්ෂේත්‍රය අන්තර්ජාතික වෙළෙඳපොළ ඉලක්ක කොට

පුළුල් පරාසයකට රැගෙන ගොස් ප්‍රතිඵල පෙන්වීම අපනයකරුවන් ඉදිරියේ ඇති අභියෝගය බව එතුමා පවසයි.

රට යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිලි කිරීමත්,

අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටලු  හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්

සමග අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේදී ජනාධිපතිතුමා එසේ සඳහන් කළේය.

නව කොරෝනා වෛරසයට වසංගත ව්‍යාප්තිය නිසා ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම පසුබැසීමක් ඇතිවිය.

රෝගය මර්දනය කොට රට යථා තත්වයට ගෙන ඒමට පියවර ගැනීමත් සමග අපේක්ෂා ඉක්මවා

ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

 

ඩොලර් බිලියනයකට වැඩි විනිමය ආදායමක් උපයන්නේ අපනයන ව්‍යාපාර කිහිපයක් පමණි.

එහෙත් එය වැඩි පරාසයකට ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව ජනාධිපතිතුමා පැවසීය.

කුරුඳු, කරාබු නැටි, සාදික්කා වැනි කෘෂි අපනයනවලට අගය එකතු කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට පිළිවන.

නව කොරෝනා වෛරසයට පැතිරයාමත් සමග ලෝක ආර්ථිකය තුළ නව වෙළෙඳපොළක් බිහි වී තිබේ.

මැද පෙරදිග, චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියා කලාපයේ විශාල වෙළෙඳ පොළක් නිර්මාණය වෙමින් පවතී.

කළමනාකරණයේ සහ අළෙවිකරණයේ පුළුල් දැනුමක් ඇති අපේ අපනයනකරුවන්ට නව වෙළෙඳපොළ

අත්කර ගැනීමේ හැකියාව ඉතා හොඳින් ඇතැයි තමා තරයේ විශ්වාස කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නව ජවයකින් යුතුව මේ විභවතාව උපයෝගීකර ගනිමින් ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කිරීමේ වගකීම ද

අපනයනකරුවන් සතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

 

කුඩා රටක් වුවත් රජය අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවලට වැඩි ආයෝජනයක් කරයි. නව කොරෝනා වෛරසයට

සාර්ථකව මුහුණදීමට හැකිවූයේ එබැවිනි.  මෙරට නිෂ්පාදනය කළ හැකි කෘෂි බෝග සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ

ආනයනය නතර කිරීමෙන් විනිමය

අනුපාතය පාලනය කර ගැනීමටත්, ගොවියා ආරක්ෂා කර ගැනීමටත් රජයට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

ආර්ථික පුනරුදය සඳහා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම බැංකුවල දායකත්වය පිළිබඳ විවේචනයක් සමාජය තුළ පවතී.

ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයන බව පෙනී යයි.

එය වහාම විසඳිය යුතු ගැටලුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක

නොකරන්නේනම් ඔවුන් ඉවත්කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අවපාතය ජය ගැනීමට සාම්ප්‍රාදායික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද රාජපක්ෂ මහතා  කීය.

ඇතැම් අපනයන බෝග සඳහා පොහොර නොලැබීම සහ සත්ව නිෂ්පාදනයේදී සත්ව ආහාර හිඟය පිළිබඳව ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

ගැටලු  විසඳීමට දැනටමත් පියවර ගෙන ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

 

වරාය, ගුවන්තොටුපොළ, ආයෝජන මණ්ඩලය, රේගුව ඇතුළු අපනයන ක්‍රියාවලියට ඝෘජුව දායකවන ආයතන සහ ප්‍රධානීන්

දෙන සහාය ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් බව අපනයන ව්‍යාපාරිකයෝ කීහ. ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ

ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලැබෙන සහායද ඔවුන්ගේ ප්‍රශංසාවට ලක් විය.

රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු ද, ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ,

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ තේ, රබර්, පොල්, ඇගළුම්, එළවළු, පළතුරු,

කුළු බඩු ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රධානපෙළේ අපනයන ව්‍යාපාරිකයෝ, රාජ්‍ය බැංකු ඇතුළු ආනයන,

අපනයන වෙළෙඳාමට සම්බන්ධ ආයතන ප්‍රධානීහූ හමුවට එක්ව සිටියහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්