අපරාධ මර්දන සහ නිවාරණ කොට්ඨාශය විසුරුවෙයි!

Picture of අසංක

අසංක

කොළඹ මිහිදු මාවතේ පිහිටි සංවිධානාත්මක අපරාධ මර්දන සහ නිවාරණ කොට්ඨාශය විසුරුවා හැරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.

යහපාලන ආණ්ඩුව පැවැති 2017 වසරේදී මෙම ඒකකය ස්ථාපිත කෙරෙන්නේ පාතාල අපරාධ මර්දනය කිරීමේ අරමුණින් වූවත් අවසානයේදී එම ඒකකය මගින් සිදුවූයේ ආගමික අන්තවාදය සම්බන්ධයෙන් වූ පැමිණිලි විභාග කිරීමක් පමණි.

සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට ස්ථාපිත කළ මෙම ඒකකය සුදු අලියෙක් බවට පත්ව පොලිස් දෙපාර්තමේන්තුවේ මුදල් කාබාසිනියා කරමින් ඇති බැවින් එම කොට්ඨාශය විසුරුවා හැරීමට මේ වන විට සාකච්ඡා සිදුවෙමින් ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කළේය.

මෙම ඒකකය විසුරුවා හැරීමට සමගාමීව දිවයින පුරා සෑම පොලිස් කොට්ඨාශයකම සංවිධානාත්මක අපරාධ මර්දනය වෙනුවෙන් විශේෂ පොලිස් කොට්ඨාශ ස්ථාපිත කෙරන බවද එම නිලධාරියා කීය. එම කොට්ඨාශ කොළම අපරාධ කොට්ඨාශය මෙන් සියළුම පහසුකම් සහිත පොලිස් කොට්ඨාශවනු ඇතැයිද එම නිලධාරියා කීය.

යහපාලන ආණ්ඩුව සමයේදී ස්ථාපිත කළ මූල්‍ය අපරාධ කොට්ඨාශයද වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග විසුරුවා හැර එම කොට්ඨාශයේ සියළු කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කරනු ලැබීය.