ඉෂාර රත්නකාර
අප්‍රේල් මස 05 වැනි දින ජාතික සිනමා දිනය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ෙමෙය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙරට සිනමාව දකුණු ඉන්දියානු ආභාසයෙන් මුදවා, දේශීය මුහුණුවරක් ගෙන ඒමින් ‘රේඛාව’ චිත්‍රපටිය තුළින් සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කළ ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මෙහෙවර අගයමින් ඔහුගේ ජන්ම දිනය යෙදී ඇති අප්‍රේල් 05 වැනිදා ‘ජාතික සිනමා දිනය’ ලෙස රජය ප්‍රකාශයට පත්කිරීම විශේෂත්වයකි.