සමාජ ජාල තුළ දැඩි ලෙස කතාබහට ලක්වන ගම්පහ වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීනියක වන දේවානි ජයතිලක මහත්මිය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් දේශපාලන අධිකාරිය හා වන විනාශ කරන පුද්ගලයන් සමග වාචිකව කරට කර ගැටෙමින් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇයට සිය ප්‍රශංසාව පලකර තිබේ.
මෙරට පරිසර පද්ධතියේ අත්‍යවශ්‍ය හා අනිවාර්ය අංගයක් වන කඩොලාන ආරක්ෂා කිරීම සඳහා ඇය තුළ ඇති විශ්වාසය හා ධෛර්යය වෙනුවෙන් දේවානි ජයතිලක මහත්මියට විපක්ෂ නායකවරයා මෙලෙස ප්‍රශංසාව පලකර ඇත.
අපගේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඇයගේ උදාර උත්සාහයන්ට සහාය දැක්වීමට සැවොම එක්සත් වන බවද සජිත් ප්‍රේමදාස මහතා කියාසිටියි.