නවතම පුවත්

අප පිරිසුදු බෞද්ධයන් ලෙස ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කළා – සජිත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හැටනමලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තුව ඉටුකරදීමේ අරමුණින් එම ජනමතයට ඉඩදීම සඳහා නුතන නවීන  ප්‍රායෝගික දේශපාලන පක්ෂයක් ලෙස විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙමින් ඉදිරි කාලයේ  දී කටයුතු කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරණයේ දි තම ජයග්‍රහණය උදෙසා ඡන්දය ලබාදෙමින් කටයුතු කළ පාක්ෂිකයින්ට ප්‍රණාමය පුදකිරිම පිණිස  අද ( 29) අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අද මම අනුරාධපුර නැගෙනහිර බලප්‍රදේශයට ආවේ වැදගත් කර්තව්‍යක් ඉටුකරන්නයි. නැගෙනහිර අනුරාධපුරයෙන් මට ඡන්ද 25,910ක් ලැබුණා. ඒ ශක්තිය දුන්නු අය අතරට ඇවිත්  කෘතගුණ දැක්වීමට මා කල්පනා කළා. දිස්ත්‍රික්කයේ සියලුම දෙනා මෙම ස්ථානයට කැඳවීමට වඩා ආසනයෙන් ආසනයට ගොස් ප්‍රණාමය පලකිරිමට මම තීරණය කර තිබෙනවා.

පරාජය සමග පසුබෑමක් ඇති වුණත් එයින් අසීරුවට පත්වුණත් ඉදිරියේ දී  සංවිධානශීලිව වැඩපිළිවෙලක් නිර්මාණය කළහොත් අපට හෙට ජය ගන්නට පුළුවන්. අපේ පක්ෂය සතුව 5,5 65,000ක බලයක් තිබෙනවා. ඒ සියලු දෙනා ශක්තිමත් කර  ඉදිරි ජයග්‍රහණය  ශක්තිමත් පදනමක් මත  මෙහෙයවනවා. අපේ අරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි ආසන ගණන වර්ධනය කර ගැනීමයි. ඒ  සඳහා ප්‍රජාතන්ත්‍රවාදී බලමුළු පෙළගස්වනවා. දිස්ත්‍රික්කයේ සියලුම මන්ත්‍රිවරුන්ට පළාත් සභා , නගර සභා, ප්‍රාදේශීය සභා සියලුම දෙනා අපේ ජයග්‍රහණයට පෙරමුණ ගත්තා.

අප දේශපාලන වශයෙන් පසු බෑමකට ලක්වුණා. මේ  පසුබැම නිසා අපේ සාමාජිකයන් විවිධ කරදර හිරිහැරවලට මුහුණපා සිටිනවා. දේශපාලන පළිගැනීම් සිදුවෙනවා. දහස් ගණනකට රැකියා අහිමි වෙලා. හංසයාට කැපවු ජනතාව හිංසනයට පත්වෙලා. වර්තමාන බලධාරීන් ඒ ජනතාව අසහනයට පත්කිරීමට කටයුතු කර තිබෙනවා.

අපේ රජයක් යටතේ දේශපාලන පළිගැනීම් වලට සාධාරණයක් ඉටුවුණාද යන්න විශාල ගැටලුවක්. බොහෝ දෙනෙකු විශ්වාස නොකරන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ජනාධිපතිවරණයේ දී හිංසනයට, පළිගැනීම්වලට ලක්වූ අය වෙනුවෙන් අප පෙනී සිටිනවා.  සහන සැලසිම් ,වන්දි ලබාදිම් කටයුතුවලට පියවර ගන්නා බවට  ප්‍රතිඥා දෙනවා.

රටේ ජනතාව පිළිගන්නා ප්‍රතිපත්ති මාලාවක් අපට ඕනෑ. අලුත් වැඩපිළිවෙලක් ඕනෑ. අලුත් මුහුණකින් අප ගමන යායුතුයි. පොදු ජනතා සිතුම් පැතුම් ආරක්ෂා කරමින් සිංහල බෞද්ධ දේශයක් සඳහා කටයුතු කළ යුතුයි. එමෙන්ම සෙසු ජාතීන් ද අප ආරක්ෂා කරගත යුතුයි. බෞද්ධ පරිසරය අප උදාකිරීමට පසුගිය අවුරුදු  හතරහාමාරක් තුළ කටයුතු කළා. විහාරස්ථාන 1,125ක චෛත්‍ය ඉදිකිරීම පටන් ගත්තා. දහම්පාසල් 1000කට ශාලා ඉදිකිරීමට කටයුතු කළා. නමුත් ලක්ෂ හැටනමයක් ජනතාව එම වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කළා.

අප ක්‍රියා කළේ  හෘද සාක්ෂියට එකඟවයි. පිරිසුදු බෞද්ධයන් ලෙස ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කළා. අප අවංකවම සැදී පැහැදී සිටින්නේ හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි.

මේ වැඩපිළිවෙල හැටනම ලක්ෂයක් ප්‍රතික්ෂේප කළේ සිංහල බෞද්ධකම ගැන රටවටේම ප්‍රචාරයක් ගෙනගිය නිසයි. අප ප්‍රජාතන්ත්‍රවාදයට සවන් දෙන්න ඕනෑ. ඒ නිසා ජනාධිපතිවරණයේ දි මම පරාජය භාරගත්තා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඒ ගැන සඳහන් කළා. ඒ ගැන ප්‍රශංසා කළා. නියෝජ්‍යනායක කමිනුත් මම ඉල්ලා අස්වුණා. තනතුරු තානාන්තර තාවකාලිකයි. එහෙම වුණත් අප බෙදෙන්නේ නෑ. කැඩන්නේ නෑ.වෙන්වෙන්න උවමනාවක් නෑ. ජනතා නියෝජනය ඒ ලෙසම විය යුතුමයි.

රටගැන සිතා ජනතාව ගැන සිතා කටයුතු කිරිම ඕනෑම ආණ්ඩුවක වගකිමයි. ජනතාව ජීවත්කරවීම, රට සෞභාග්‍ය කරා ගෙනයාම නව පාලනයේ වගකිම නිසා ඒ අනුව කටයුතු කරන්න ඕනෑ”  යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්