’අප සිටින්නේ අළුවලින් වැසුණු ගිනිගොඩකයි’- ජනපති

Picture of අසංක

අසංක

‘අප අද සිටින්නේ අළුවලින් වැසී ගිය ගිනිගොඩක’ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින සමරුවේදී ජාතිය අමතමින් පැවැසීය. යෝජිත ජාතික ආණ්ඩුව පිළිබද ජනාධිපතිවරයා මෙහිදී අප‍්‍රසාදයෙන් යුතුව අදහස් දක්වනු දැකගත හැකිවීම විශේෂත්වයකි.

‘නිදහස යන සංකල්පය කිසිදු මිම්මකින් මැනිය නොහැකි සේම වත්මන් නිදහස කිසිදු නිර්වචනයකින් කිව නොහැකි තරමට එය සංකීර්ණ වී ඇත. 30 අවුරුදු යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගිය තැන ද පූර්ව අර්බුදවලට දේශපාලන විසදුමක් ලබාදීමට අප අසමත්ව තිබීම කනගාටුදායක තත්වයකි. දැනුමේ ආර්ථිකය, නවෝද්පාදන ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය නව ආර්ථික සංකල්ප කි‍්‍රයාත්මක කිරීම අප පියවර ගත යුතුය.
2015 අප විසින් ප‍්‍රධාන වශයෙන් ජාතික ආණ්ඩුවක් අපි පිහිටු වූ බව ඔබට මතකය. බොහෝ වැඩකටයුතු මෙන්ම නොකළ යුතු දේ කළ බව පිළිගන්නට සිදුවේ. අද සමාජය පිරිහුණු බව පෙන්වන ප‍්‍රධාන තැනක් ලෙස පාර්ලිමෙන්තුව දැකිය හැකිය.

ණය බර, විරැකියාව අද උග‍්‍රවී තිබෙනවා. ජනවාර්ගික අර්බුදයට විසදුම් සෙවූ අප ආර්ථික අර්බුදයට මෙන්ම ජනවාර්ගික අර්බුදයට ද විසදුම් සොයාගෙන නැහැ. අප සිටින්නේ අළුවලින් වැසුණු ගිනිගොඩක බව අප කිවයුතුයි.
මා මාධ්‍ය තුළ දුටු ආකාරයට යෝජිත ජාතික ආණ්ඩුව පිහිටුවීම තනි මන්ත‍්‍රීවරයෙක් සිටින පක්ෂයක් සම්බන්ධ කරගෙන පිහිටුවීම නුසුදුසු බව මාගේ අදහසයි. ඇමතිකම් වැඩිකරගැනීම සදහා එය සුදුසු වූවක් නොවේ. ඇමති මණ්ඩලය 25ක් දක්වා අඩුවන්නේ නම් එයයි ජනතාවගේ ප‍්‍රාර්ථනය. ආර්ථික ජාවාරම්කරුවන් විසින් ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන මත්කුඩු මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්කරගෙන තිබෙනවා. අප අද අදිටන් කළ යුත්තේ ශ‍්‍රී ලංකාව ආසියාවේ බලවත් ආර්ථිකයක් ඇති රටක් බවට පත්කිරීමයි. රාජ්‍ය පාලනයට කුසලතාවාදය හදුන්වාදීමයි. රටතුළ මුල්බැස ගත් පාතාලය, මත්කුඩු මුළුමනිම් මැඩලිය යුතුයි.’ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි