නවතම පුවත්

අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන දිනේෂන් සිවපාලන් සිය සේවා ජාත්‍යන්තරයට රැගෙන යයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ නිර්මාණශීලී ප්‍රමුඛයෙකු වන D Exclusive Home Designing සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දිනේෂන් සිවපාලන් මහතා සිය නිර්මාණ සහ සේවා ජාත්‍යන්තරයට රැගෙන යමින් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ඒ අනුව වර්තමානයේදී දිනේෂන් සිවපාලන් මහතාගේ නිර්මාණ දායකත්වය සහිතව අභ්‍යන්තර ගෘහ අලංකරණ සේවා නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, උස්බෙකිස්තානය, ඩුබායි, ඕමාන්, කටාර්, ඉන්දියාව, මාලදිවයින, කැරිබියන් දූපත් ඇතුළු ලොව රටවල් රැසකට ව්‍යාප්ත කර ඇත. ලොව ඉහළ පෙළේ තරු පහේ හෝටල් රැසක් මෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස, කාර්යාල හා සාප්පු සංකීර්ණ ඉදි කිරීම් සමාගම් රැසක් දිනේෂන් සිවපාලන් මහතාගේ සේවය ලබා ගෙන තිබීම සුවිශේෂත්වයකි.

නිර්මාණාත්මකව සහ ගුණාත්මකව නිවාස, හෝටල් සහ ව්‍යාපාර ස්ථානවල අභ්‍යන්තර ගෘහ අලංකරණ අවශ්‍යතා සැපිරීමේ අරමුණින් 2016දී ඇරැඹි D Exclusive Home Designing සමාගම (www.dehdesigning.lk) විවිධ පාරිභෝගික අවශ්‍යතා වටහා ගෙන නව්‍ය තේමා යටතේ ගෘහ අභ්‍යන්තර අලංකරණ කටයුතු කලට වේලාවට සිදු කරයි.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානවල වැජඹෙන සමාගම් රැසකට සිය අභ්‍යන්තර ගෘහ අලංකරණ සේවා සැපයීම ඔස්සේ වසර හතක කාලයක් තුළ කීර්තිමත් සහ විශ්වාසනීය නාමයක් ක්ෂේත්‍රයේ සනිටුහන් කිරීමට D Exclusive Home Designing සමාගමට හැකි වී ඇත. D Exclusive Home Designing සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂන් සිවපාලන් මහතා අභ්‍යන්තර ගෘහ අලංකරණය පිළිබඳව වෘත්තීය නිපුණත්වයකින් සපිරි අභ්‍යන්තර ගෘහ අලංකරණ නිර්මාණ ක්ශේත්‍රයේ ප්‍රමුඛයෙකු වීම සමාගමේ සාර්ථකත්වයට සුවිශාල හේතුවක් වී ඇත.

“D Exclusive Home Designing සමාගම සත් වසරක් තුළ අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ නියමුවෙකු වීමට බල පෑ ප්‍රධාන හේතුව වන්නේ ඉහළ ගුණාත්මකභාවයෙන්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ උසස් තත්ත්වයෙන් සපිරි අමුද්‍රව්‍ය ගෘහ අලංකරණ කටයුතු සඳහා යොදා ගැනීමයි. එසේම වෙනස් වෙන ලෝකයට ගැළපෙන ලෙස නවතම තාක්ෂණය සහ නවතම මෝස්තර භාවිත කරමින් අභ්‍යන්තර ගෘහ නිර්මාණකරණයේ යෙදීම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගීි මහල් නිවාස ඉදිකරන සමාගම්, තරු පහේ සංචාරක හෝටල් මෙන්ම නිවාස හා කාර්යාල ඉදි කරන සමාගම් රැසක් අතරින් විශාල පිරිසක් අපගේ සේවය නිරන්තරයෙන් ලබා ගන්නවා. නිර්මාණකරණය සඳහා අප සෑම විටම අත්දැකීම් සපිරි වෘත්තීය පළපුරුද්ද සහිත ශිල්පීන්ගේ සහ වෘත්තිකයන්ගේ සහයෝගය ලබා ගන්නවා. අප සමාගමේ සාර්ථකත්වයට එමගින් ලැබෙන්නේ සුවිශේෂ ශක්තියක්.

” D Exclusive Home Designing සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂන් සිවපාලන් මහතා සිය සත් වසරක ගමන් මග පිළිබඳව අදහස් දක්වමින් එලෙස පැවසීය.විවිධ සමාජ සත්කාර ක්‍රියාකාරකම් රැසක නියැලීි සිටින D Exclusive Home Designing සමාගම D Foundation for Healthy පදනම ඔස්සේ දිරියක් අවශ්‍ය දරු දැරියන්ගේ හැකියා සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් දිවයින පුරා පවත්වයි. එහිදී ඔවුන්ට ආධාර මුදල් සැපයීම යන සීමාවෙන් ඔබ්බට ගොස් දිගු කාලීනව දරු දැරියන්ගේ දක්ෂතා, හැකියා සහ ආකල්ප වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි.

“ශ්‍රී ලංකාව දියුණු කිරීමට නම් මූලිකව තනි තනි පුද්ගලයාගේ ආකල්ප වෙනස් කරන්න පියවර ගන්න අවශ්‍යයයි. ඒ වෙනස ඇති කිරීිමට අවශ්‍ය පසුබිම සැකසීම අපගේ පදනමෙන් සිද්ධ වෙනවා.” D Exclusive Home Designing සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂන් සිවපාලන් මහතා පැවසීය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දුෂණ වැළැක්වීමේ කමිටුවේ සාමාජිකයෙකුද වන දිනේෂන් සිවපාලන් මහතා සංවිධාන රැසක තනතුරු දරා ඇත.

2019දී Business World International සම්මාන උළෙලේදී Sri Lankan Businessman of the Year සම්මානයෙන්ද, 2019දී South Asian Business Excellence සම්මාන උළෙලේදී Emergine Interior Designer of the Year සම්මානයෙන්ද, 2019දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැති 32 වැනි World Quality Commitment Convectionහිදී International Quality Management සම්මානයෙන්ද, 2020දී හා 2021දී Business World International සම්මාන උළෙලවලදී The Interior Designer of the Year සම්මානයෙන්ද, 2023දී Business World International සම්මාන උළෙලේදී CEO of the Year සම්මානයෙන්ද, 2021දී CEO Awards Nightහිදී CEO Recognition සම්මානයෙන්ද 2022දී Lanka Achivers සම්මාන උළෙලේදී ලංකා අභිමානී සම්මානයෙන්ද දිනේෂන් සිවපාලන් මහතා පිදුම් ලබා ඇත.

2019දී ව්‍යාපාර විශිෂ්ටත්වය සහ සමාජය සංවර්ධනය සඳහා දැක්වූ දායකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා අතින් දිනේෂන් සිවපාලන් මහතා වෙත නෙල්සන් මැන්ඩෙලා සාම ත්‍යාගය පිරිනමන ලදී. සිය සමාගමේ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය විදේශවලින් ආනයනය නොකර ඉදිරියේදි ඒවා ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කර දේශීය ආර්ථිකයට ශක්තියක් වෙමින් මෙරට විදේශ විනිමය පිටරටට ගලා යාම අවම කිරීමට දායක වීමට D Exclusive Home Designing සමාගම අපේක්ෂා කරයි. ඒ සඳහා මොරටුවේ පිහිටි කර්මාන්ත ශාලාව පුළුල් කර නව රැකියා අවස්ථා රැසක් ජනිත කර නිෂ්පාදන ක්‍රියාදාමය වර්ධනය කිරීමට D Exclusive Home Designing සමාගම අපේක්ෂා කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා