අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ පුරප්පාඩුවට පුත්‍රයාගේ නම යෝජනා වෙයි

Picture of අසංක

අසංක

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි අභාවප්‍රාප්ත, ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පුරප්පාඩුවට ජීවන් තොන්ඩමන් මහතා අපේක්ෂකයකු ලෙස නම් කරන්නැයි ලංකා කම්කරු සම්මේලනය පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

26 හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ පුත්‍රයා ය. ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ නායකයෙක් ලෙස ද කටයුතු කර ඇත.

1981 පාර්ලිමේන්තු මැතිවණ පනතේ 25 වැනි වගන්ති ප්‍රකාරව මෙලෙස වෙනත් අපේක්ෂකයකු නම් කිරීමේ හැකියාව පවතී.

ඒ සඳහා තොණ්ඩමාන් මහතාගේ අභාවය පිළිබඳ පක්ෂය විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියාට දැනුම් දිය යුතු ය.

ඒ සමගම තොන්ඩමාන් මහතා වෙනුවට ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ නාමය ද ඉදිරිපත් කළ යුතුය.

තේරීම්භාර නිලධාරියා විසින් ඒ බව කොමිසමටද දැනුම් දෙනු ඇත.

එහිදී මියගිය අපේක්ෂකයාගේ නම නාමයෝජනා පත්‍රයෙන් කපා හරින ලෙස මැතිවරණ කොමිසම විසින් තේරීම්භාර නිලදාරියාට දැනුම් දෙනු ඇත.

අපේක්ෂකයෙක් මිය ගිය විට ආදේශක නාමයක් ඉදිරිපත් කිරීම වහාම කළ යුතු කටයුත්තකි.

නම ඉදිරිපත්වීමෙන් අනතුරුව එය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරිමට නියමිතය