නවතම පුවත්

අභියෝග ජයගන්නා නව වසරකට ජනපතිගෙන් ජනතාවට සුබපැතුම් !!

අසංක

අසංක

අභියෝග ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව තම විශ්වාසය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එළඹුණු නව වසර ජනතාවට “සෞභාග්‍යයේ දැක්ම” සාක්ෂාත් කර ගැනීම සඳහා කැප වන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා ආරාධනා කර සිටී.

නව වසරේ සුභ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටී.

“උදා වූ නව වසර අලුත් හැඟීම් සමඟ සුබවාදී ව සහ අධිෂ්ඨානශීලී ව අනාගතය දෙස බැලීමට අපව නිතැතින් ම පොළඹවනු ලබයි. එබැවින්, අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්‍යෝගයකින් සහ අපේක්ෂා සහගතව ය.

ගෙවී ගිය වසර රටටත්, ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරී බැලිය යුතු ය. ඒ අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතු ව බව මම විශ්වාස කරමි.

අභියෝග ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව මාගේ විශ්වාසයයි. පවතින වසංගත තත්ත්වය හමුවේ අඩපණ වූ ආර්ථිකය සහ ජන ජීවිතය ඉන් වඩාත් සුරක්ෂිත වනු ඇත. ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාවට නැංවීමට අපට පුළුවන. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළිනි. ජයගත් අභියෝග සේ ම ලැබූ අත්දැකීම් නව වසරේ ඒ සඳහා අපව දිරි ගන්වනු ඇත.

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇත. එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව සහ සහජීවනය තවදුරටත් තහවුරු වී තිබේ. නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතී. අකර්මන්‍ය ව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය විසින් පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත කෙරෙහි එල්ල වූ හානිකර තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ගත් පියවර ගෝලීය පැසසුමට ද ලක් විය. වසංගත තහංචි මධ්‍යයේ පවා ඔබ අද භූක්ති විඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම්වල ප්‍රතිඵලයක් බව මම සතුටින් සඳහන් කරමි.

ජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමකි.

අතීතයේ සිට මේ දක්වා පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වා ගනිමින් නව විදේශ සබඳතා ගොඩනඟා ගැනීමට අපට හැකි වීම සුවිශේෂී ආයෝජනයක් ලෙස දකිමි.

එළඹුණු නව වසර ජනතාවට “සෞභාග්‍යයේ දැක්ම” සාක්ෂාත් කර ගැනීම සඳහා කැප වන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

ඔබ සැමට ලැබුවා වූ නව වසර නිදුක්, නිරෝගී, ධෛර්යය සම්පන්න වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්