අමාත්‍ය වාසුදේව නානායක්කාරට කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කල අතර මේ වන විට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රාවුෆ් හකීම් යන අයට සහ අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.