පැතුම් වික්රමරත්න
අමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වී ඇති ජෝ බයිඩ්න් විසින් ., කොවිඩ් 19 වසංගතයෙන් අමෙරිකානු ජනතාව බේරා ගැනීම සඳහා දින 100 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත.
තමා ජනපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පළමු දින 100 තුළ අමෙරිකානු ජනතාව වෙනුවෙන් මිලියන 100ක කොවිඩ් එන්නත් ලබා දෙන බව මෙහිදී ඔහු අවධාරණය කර ඇත .
මෙහිදී බයිඩ්න් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනපති ධුරය භාර ගත් සැනින් කොවිඩ් වසංගතය රටින් තුරන් නොහැකි වුවත් Covid-19 වෛරසය පාලනය කිරීමට පියවර ගන්නා බවයි.
එසේම බයිඩන් අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පළමු දින 100 තුළ මුව ආවරණ පළඳින ලෙසයි.