නවතම පුවත්

Uber Eats දෙවසර සපුරයි

අසංක

අසංක

Uber Eats ශ්‍රී ලංකාව තුළ තම සේවාවන් ආරම්භ කර වසර 2 ක කාලයක් සම්පූර්ණ වී තිබේ. මේ වනවිට එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන් ලබා දී ඇණවුම් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත. ප්‍රථම වර්ෂය තුළ ඇණවුම් ප්‍රමාණය මිලියන 3 ක් වූ අතර, දෙවන වර්ෂය තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම විශේෂත්වයකි.

වර්ධනයට සමගාමීව එහි ප්‍රතිඵල සාමූහිකව භුක්ති විඳීමට අවස්ථාව තිබිය යුතු බව Uber Eats විශ්වාස කරයි. තම පාරිභෝගිකයන්ට ප්‍රණීත ආහාරපාන පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන අතරම, ආපනශාලා වලටත්, ආහාරපාන ගෙනගොස් භාරදීම සඳහා තමන් සමග අත්වැල් බැඳගෙන සිටින කුරියර් සේවා හවුල්කරුවන්ටත් දියුණුවේ මංපෙත් විවර කරදීම සඳහා Uber Eats කවදත් කටයුතු කරනුයේ එබැවිනි.

සියලුම තරාතිරම් වලට අයත් පුද්ගලයන්ට තමන් කැමති ආකාරයට ආහාරපාන තෝරාගෙන රසවිඳීමේ අවස්ථාව ලබාදීමට Uber Eats සමත් වී ඇත. එමෙන්ම පසුගිය වසර ක කාලය තුළ 8000 කට අධික කුරියර් සේවා හවුල්කරුවන් පිරිසක් Uber Eats සමග එක්වී සිටිති. මේ වනවිට Uber Eats සේවාව කොළඹ, මහනුවර, මීගමුව සහ තදාසන්න ප්‍රදේශ වල ක්‍රියාත්මක වේ.

මෙම සන්ධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය මෙසේ පැවසුවා ය. “මෙය අපට සුවිශේෂී වසර දෙකක් වුණා. මේ කාලය තුළ ආහාරපාන සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී වූ අවශ්‍යතා මොනවාද යන්න අප හොඳින් තේරුම් ගත්තා. රටේ ජනතාවගේ සහ ආර්ථිකයේ යහපත වෙනුවෙන් අප දක්වන උනන්දුවේ කිසිදු වෙනසක් නැහැ. අපගේ සාර්ථකත්වය සමරන අතරම, අප වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ආපනශාලා, කුරියර් සේවා හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි. අප තවමත් සිටින්නේ අපගේ සේවාවේ මුල් අවධියේ. ඉදිරියේදී තවත් බොහෝ සුවිශේෂී අංග මීට එක්වේවි.”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි