අමෙරිකාවේ චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

චීනයේ වෛද්‍ය රසායනාගාරයක් තුලදී කොරෝනා වෛරසය නිපදවා ඇති බවට ඇමෙරිකාව නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව චීනය අවධාරණය කර සිටී.

චීන රසායනාගාරයකින් අත්වැරදීමකින් මෙම වෛරසය පිටතට ගොස් ඇති බවට සිදුකෙරෙන ප්‍රකාශද පදනම් විරහිත බව චීන වෛද්‍ය ඇකඩමියේ වුහාන් ශාඛාවේ සභාපති අචාර්ය යුආන් සිමින්ග් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත අද සඳහන් කර ඇත.

මෙවැනි සාවද්‍ය ප්‍රකාශ හරහා ජනතාව නොමග යැවීම විශාල වරදක් බවද යුආන් මහතා මෙහිදී සඳහන් කර ඇත.

මේ අතර අද දින පවතී මාධ්‍ය හමුවකදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය බිහිවූ අකාරය සොයා බැලීමට විශේෂඥයින් කණ්ඩායමක් චීනයට යැවීමට අපේක්ෂා කරන බවකි.