නවතම පුවත්

COVID සටන වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4500 ක්

අසංක

අසංක

 

COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්‍රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් වී ඇත.

. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් පසුගිය 11 වනදා කොළඹදී මෙම ඇඳුම් කට්ටල නිල වශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත බාර දෙන ලදි.
මෙය
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සැලසුම් කර ඇති වැඩසටහන් මාලාවේ පළමු අදියරයි. පුද්ගල ආරක්ෂණ මෙවලම් (PPE) ආදී ඉදිරි අවශ්‍යතා පිළිබඳව ද බැංකුව මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින අතර එවැනි අවශ්‍යතා හැකි පමණ සපුරාලීමට ද බැංකුව සූදානම්ව සිටී.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රජා සත්කාරක අංශයේ ප්‍රධානී තේජා සිල්වා, එම බැංකුවේ විධායක උප සභාපති රමණිකා උනම්බුව (මානව සම්පත්), ප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත්, උප සභාපති නිසජ ආර්යසිංහ (ණය අයකර ගැනීම්) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යමණ්ඩලයේ මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්