අමෙරිකාව තුළ ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ TikTok තහනම එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා ඇත .
අමෙරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව තම තීරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෑතකදී ෆිලඩෙල්පියා අධිකරණයක් ලබාදුන් තීන්දුවකි.
එම අධිකරණ තීරණය ලබාදී ඇත්තේ TikTok ග්‍රාහකයින් තිදෙනෙක් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය. ඔවුන් පවසන්නේ TikTok එරට තහනම් නොකළ යුතු බවය.
එම තීරණය එරට සිටින මිලියන 100ක් පමණ වන TikTok ග්‍රාහකයින්ට සහනයක් බව සඳහන් වේ.
TikTok හිමිකාරීත්වය ඇත්තේ චීනයේ බයිට්ඩාන්ස් නම් සමාගමට ය. එම සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේදී වෝල්මාර්ට් සහ ඔරකල් සමාගම් සමග එකඟතාවයකට එළැඹුණි. ඒ, අමෙරිකාවේ ඇති TikTok වත්කම් TikTok ග්ලෝබල් නම් නව සමාගමක් යටතට පත්කිරීමටය.