අමෙරිකාවේ දී ලාංකිකයකු වෙඩි තබා ඝාතනය කරලා

Picture of අසංක

අසංක

අමෙරිකාවේ ඔක්ලන්ඞ්හිදී නගරබද ප‍්‍රදේශයේ 20වැනි මාවතේ පසුගිය අගහරුවාදා සිදුවූ සොරකමක් අතරතුර වෙඩිවැදීමෙන් අමෙරිකාවේ පදිංචි ලාංකිකයකු මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි ජනත් ලියනගේ නමැත්තෙකි.

ඒදින රාත‍්‍රි 11.14ට පමණ ඔහුට වෙඩි වැදී තිබුණේ පොලිස් වාහන පැමිණෙද්දී ඔහුට කිසියම් අයකු සිදුකළ වෙඩි තැබීමක් නිසයි.

පසුදින අලූයම 1.15ට පමණ ඔහු මියගොස් ඇත්තේ ප‍්‍රතිකාර ගන්නා අතරතුරය. දින කිහිපයකට පෙර ඝාතනය වූ ජනත්ගේ අනන්‍යතාව හදුනාගෙන තිබුණේ දින කිහිපයක් ගතවීමෙන් අනතුරුවයි.


වෙනත් ස්ථානයක පදිංචිව සිටින ජනත් මෙම ස්ථානයට ගියේ ඇයිද යන්න මෙතෙක් තහවුරු කරගෙන නැතත් ඔහු පොලීසිය ඒනවිට සිට ඇත්තේ තම වාහනය ඉදිරිපස බවත් ඒ ආසන්නයේ සොරකමක් සිදුකොට පලායන්නන් ඔහුට වෙඩිතබන්නට ඇති බවත් සැකපළකෙරේ.

කෙසේවෙතත් ජනත්ට වෙඩි තැබූ ඝාතනයා සොයාදෙන අයකුට ඩොලර් 10000ක ත්‍යාගයක් පිරිනමන බව ඒරට පොලීසිය පවසයි. සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ක‍්‍රියාත්මකබව ඒරට වාර්තා පැවැසීය.