නවතම පුවත්

අයර්ලන්තය රටවල් 15ක විදෙස් සංචාරකයන්ට අනිවාර්ය නිරෝධායනය ඉවත් කරයි

අසංක

අසංක

විදේශික සංචාරකයන්ට පනවා තිබූ දින 14 ක අනිවාර්ය නිරෝධායනයෙන් යුරෝපීය රටවල් 15ක් නිදහස් කිරීමට අයර්ලන්තය තීරණය කර තිබේ.

පසුගිය දින 14 ක කාලය තුළ සෑම පුද්ගලයින් ලක්ෂයකින් ආසාදිතයින් 5ක් හෝ ඊට අඩුවෙන් වාර්තා වූ යුරෝපා සංගමයට අයත් රටවල් 15 ක් මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

ඉතාලිය, මෝල්ටාව, ෆින්ලන්තය, නෝර්වේ, හංගේරියාව, එස්ටෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, සයිප‍්‍රස්, ග‍්‍රීන්ලන්තය, ග‍්‍රීසිය, ස්ලෝවැකියාව, මොනාකෝ, ජිබ්‍රෝල්ටාව සහ සැන් මරිනෝ යන රටවල සිට පැමිණෙන සංචාරකයින් ද අයර්ලන්තයේදී දෙසතියක නිරෝධායනයෙන් නිදහස් වේ.

මෙම රටවල් ලැයිස්තුව හරිත ලැයිස්තුව ලෙස හඳුන්වයි.

අයර්ලන්තයේ මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් පරිදි ඉදිරියේදී තවදුරටත් මෙම හරිත ලැයිස්තුව යාවත්කාලීන කිරිමට නියමිතයි.

අසල්වැසි බි‍්‍රතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල සිට අයර්ලන්තයට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් දින 14 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාව කි‍්‍රයාත්මක ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්