අයවැයට ශ්‍රීලනිපයෙන් සංශෝධන

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

රජයේ 2019 අයවැය යෝජනාවලියට , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස නව සංශෝධන මාලාවක් ඉදිරිපත් කිරීමට එම පක්ශයේ මන්ත්‍රීවරු පිරිසක් සැලසුම් කර ඇත.

එසේ සංශෝධන ඉදිරිපත් කර , එළඹෙන 05 දින පැවැත්වෙන ජන්ද විමසීමේදී අයවැයට පක්ෂව ජන්දය ලබාදීමටද මෙම මන්ත්‍රීවරු පිරිස සැලසුම් කරමින් සිටින බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රැසක්ම මෙම අයවැය සංශෝධන ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට දැනටමත් විරෝධය පලකර ඇති බවද වාර්තාවේ.