2019 අයවැය යෝජනාවලිය පිළිබඳ විපක්ෂයේ සියලු පක්ෂවල අදහස්ද විමසා, ඒ සාම්භන්ධව පොදු එකඟතාවයකට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.
ඒ අනුව අයවැය යෝජනාවලියට පක්‍ෂව ඡන්දය ලබාදෙන්නේද නැද්ද යන්න පිලිබඳවද විපක්ෂයේ සෙසු පක්ෂ සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර.මහතා පැවසීය .
මේ වනවිටත් තම පක්ෂය , අයවැය යෝජනාවලිය අධ්‍යනය කරමින් සිටින බවද ජයසේකර මහතා පැවසීය.
පැතුම් වික්‍රමරත්න