නවතම පුවත්

ලංකාවේ බාගයකටම ලිංගික දැනුමක් නෑ

අසංක

අසංක

ශ්‍රී ලාංකිකයන්ගෙන් 50%කට තම ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ ඇත්තේ සීමිත දැනුමක් බව ජගත් සංවිධානය සිදුකල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

විශේෂයෙන්ම විවාහක කාන්තාවන් අතරින් 35%ක් උපත් පාලන ක්‍ර‍ම භාවිතා නොකරන බවත් එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව පවුල් සැලසුම යනු ශ්‍රී ලංකාවේ තවමත් මත භේදාත්මක ප්‍ර‍ශ්නයක්ව ඇති බවද මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය අද (06) දින පෙරවරුවේ මෙරට ජපාන තානාපති නිල නිවසේ පවතී විශේෂ උත්සවයකදී සඳහන් කලාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවසීය
“පවුල් සැලසුම වැනි ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය සේවා සහ තොරතුරු වෙත විශ්වීය ප්‍රවේශය තහවුරු කිරීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ දූත මෙහෙවරෙහි හදවත බඳු ය. ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ නිවැරදි දැනුම හේතුවෙන් ජනතාව බලසතු වෙනවා පමණක් නොව, එයින් මිථ්‍යාවන් ද දුරලනු ලැබේ. ප්‍ර‍ජාවන් අතර ආතතීන් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නේ එවැනි මිථ්‍යාවන් ය. මෙම කාලීන මුලපිරුම සඳහා ජපාන රජය ලබාදෙන අනගි සහාය අපි මහත් සේ අගය කරන්නෙමු. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් බලසතු කිරීම සඳහා අපගේ ක්‍රියා ඉදිරියට ගෙන යාමට එය මහත් ධෛර්යයකි.”

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්