අයවැය ඡන්දය ගැන ශ්‍රීලනිප තීන්දුව තවමත් ‌කොටඋඩ

Picture of අසංක

අසංක

අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම අදයි.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්‌වෙන ඡන්ද විමසීම සදහා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව තවමත් අවිනිශ්චිත තත්වයක පවතින බව වාර්තා ‌වේ.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට ප්‍රකාශ කර ඇත.

අයවැය ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අද උදෑසන පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා පළවේ.

සේවෙතත් අයවැය ඡන්ද විමසීමේදී ගතයුතු පියවර සම්බන්ධයෙන් පසුගිය දිනවලද ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණ.