නවතම පුවත්

ජීවන තත්වයෙන් ඉහළ රටවල ලිංගික අපචාර ඉහළට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලොව ගුණාත්මක බවින් ඉහලම ජීවන තත්වයන් පවතින බවට සැලකෙන ස්කැන්ඩිනේවියානු රාජ්‍යයන් වන නොර්වේ , ෆින්ලන්තය , ස්වීඩනය හා ඩෙන්මාර්කයේ , තවමත් ලිංගික අපචාර හා ලිංගික දූෂණයන් ඉතා ඉහල මට්ටමක පවතින බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය නිකුත් කල නවතම වාර්තාවකින් අනාවරණය වේ.

ජාත්‍යන්තර ජීවන දර්ශක රැසක ඉහලින්ම සිටින මෙම රටවල් හතර සම්භන්ධව , ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිදුකර ඇති මෙම නවතම අනාවරණය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තුල පවා මේ වනවිට විශාල අවධානයක් යොමුව ඇත.

“TIME FOR CHANGE: JUSTICE FOR RAPE SURVIVORS IN THE NORDIC COUNTRIES” යන මැයෙන් නිකුත් කර ඇති මෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට මෙම රටවල් තුල වසරකට ලිංගික දූෂණයන් 50000 ක් පමණ සිදුවන අතර ඉන් බොහොමයක් සම්භන්ධව නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවේ.

මෙම රටවල් වල ලිංගික දූෂණයන් සම්භන්දව පවතින නීති රීති වල අඩුපාඩු රැසක් පවතින බවත් මේ හේතුව නිසාවෙන් ලිංගික දූෂනයන්ට ලක්වන පුද්ගලයින්ට සාධාරණය ඉටුනොවන බවත් වාර්තාව පෙන්වාදේ.

මෙම නඩු කටයුතු සඳහාද විශාල කාලයක් ගතවන බැවින් ලිංගික හිංසනයන්ට ලක්වන බොහෝ පිරිස් මේ වනවිට නීතිය ඉදිරියට යාමද අඩුවී ඇතිබව වාර්තාවේ දැක්වේ.

එසේම මෙම රටවල 2017 වසරේ වාර්තාවූ ලිංගික හිංසනයන් හා දූෂණ සිද්ධීන් අතරින්, නීතිය හරහා විසදුම් ලැබී ඇත්තේ සියයට හයකටත් අඩු ප්‍රමාණයකටවේ.
ඩෙන්මාර්කයේ පමණක් මෙවැනි සිදුවීම් 890ක් එරට පොලිසියට වාර්තාවී ඇති අතර , ඉන් නඩු මාර්ගයට යොමුව ඇත්තේ සිද්ධීන් 535කි . එම නඩු හරහාද විසදුමකින් අවසන්ව ඇත්තේ 94ක් පමණි. මේ තත්වය ඉතා කනගාටු දායක බවත් වහා නව නීති ගෙන ඒමට මෙන්ම පවතින නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට මෙම රටවල් කටයුතු කල යුතු බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය තම වාර්තාව මගින් යෝජනා කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා