නවතම පුවත්

අයවැය රහසක් මුදල් ඇමති හෙළිකරයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඉතිහාසයේ පළමු වතාවට මෙරට අධ්‍යාපන සඳහා වැය කරන මුදල සමස්ත අයවැයෙන් 7.51%ක් වනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන්ට ඊයේ දැනුම් දී තිබේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ලබන අයවැයෙන් අමතර රුපියල් මිලියන 30,000ක් වැය කරන බව හෙතෙම කීය.

විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා ඊයේ (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි පැවති හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයට ගුරු- විදුහල්පති  වෘත්තීය සමිති නියෝජිතයෝ සිය ප්‍රණාමය පුද කළහ. ඒ අනුව වෘත්තිය සමිති ඉල්ලීම ඉටු කිරීමට ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්තුති කළේය.

මෙම හමුවේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“මේක විෂමතාවක් ඉවත් කිරීමක් මිස වැටුප් වැඩිවීමක් නෙමෙයි. මෙතන සිටින මහා සංඝරත්නය ඇතුළු වෘත්තිය සමිතිවලින් මම ඉල්ලා සිටිනවා අවුරුදු විසි ගණනක් විසඳන්න බැරිව තිබුණ වැටුප් විෂමතාවක් සාධාරණ මට්ටමෙන් විසඳීමක් විධියට දකින්න කියලා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව දැනට වෙන් කරලා තියෙන මුදලට අමතරව රු. මිලියන 30000ක් අපි ලබන අය වැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වෙන් කරනවා. අය-වැයටත්, කැබිනට් මණ්ඩලයටත් ඉස්සරවෙලා ඔබතුමාලට කිව්ව එකම රහස ඒක.

අනිත් ඇමතිවරු දොස් කියන එකක් නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් මෙතන නොහිටියත් මේක විසඳන්න කියලා ඉල්ලුවා. එයත් සිහිපත් කරනවා. දරුවන්ගේ අනාගතය රටේ අනාගතය වෙනුවෙන් මෙය විසඳන්න අපි තීරණය කළේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කරන්න කියලා සමහරු උද්ඝෝෂණය කළා. අවසානයේ ඔවුන්ගෙ වැටුප් සියල්ල වැඩි කළා. හැබැයි ඊට පස්සේ සියයට 6 අමතක කළා. හැබැයි අපි මේ පාර අය වැය ලේඛනයෙන් අපේ සම්පූර්ණ වියදමෙන් සියයට 7.51ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. ඒ මේ රටේ අනාගතය වෙනුවෙන් එය වෙන්කරන්නෙ. ජනාධිපතිතුමත්,අගමැතිතුමත් විශේෂයෙන් අධ්‍යාපන ඇමතිතුමත් අපෙන් ඉල්ලුව මේක කරන්න කියලා. මේ ඉතිහාසයේ පළමුවැනි වතාවට අධ්‍යාපනය සඳහා සමස්ත අය වැයෙන් සියයට 6 ඉක්මවන්නෙ.” යැයිද හෙතෙම කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්