(දම්පත් රණසිංහ)
පසුගිය වසරේ මුල්මාස පහට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස පහ තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2023 වසරේ ජනවාරි 01 සිට මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .
මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් ලෙස අඩුවී ඇති බවද ඇමතිවරයා සඳහන් කරයි.
රට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වයට ළඟාවීමට හැකි වූ බව හෙතෙම අවධාරණය කරයි.