අයහපත් කාලගුණය නිසා මගී යානා දෙක මත්තලට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගාවෙමින් තිබු මගී ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට සුළු වේලාවකට පෙර මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩ බස්සවා තිබේ.

රියාද් සිට පියාසර කළ ශ්‍රිලන්කන් යු.එල් 266 සහ කුවේට් සිට පියාසර කළ යු.එල් 230 ගුවන් යානා දෙක මෙසේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරින් පියවර ගෙන ඇත.


මත්තල ගුවන්තොටුපළ නොතිබුණේනම් මෙම ගුවන් යානා දෙකම ඉන්දියාවේ චෙන්නායි හෝ අසල්වැසි ගුවන් තොටුපළක් දක්වා හරවා යැවීමට සිදුවන බව ගුවන් තොටුපළ නිලධාරියෙකු ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය.

මෙම ගුවන් යානා දෙක මත්තලට සේන්දු වු බව මත්තල කාර්ය භාර ගුවන් තොටුපළ කළමනාකරු ද කළම්බො එක්ස්ප්‍රස්වෙත තහවුරු කළේය.