නවතම පුවත්

අර්ජුන් පිටුවහල් කිරීම ගැන සිංගප්පූරුව සළකා බලයි

අසංක

අසංක

මහබැංකුවේ බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සලකා බලන බව සිංගප්පූරු රජය පවසයි.

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අදාළ ලිපිගොනු ලැබුණු පසුව එරට නීතියට අනුව කටයුතු කරන බවයි.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මෙරට රජයෙන් ඔහු පිටුවහල් කරන ලෙස සිංගප්පූරු රජයට ඉල්ලීම් ලැබී ඇති බව එරට රජය පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට පෙර එරට රජයෙන් ඔහු පිටුවහල් කරන්නැයි ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

එම ගොනුව තවම සිංගප්පූරු රජයට භාරදී නැතැයි මෙරට සිංගප්පූරු මහකොමසාරිස් කාර්‍යාලය තහවුරු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

සිංගප්පූරුව පුරවැසිභාවය හිමි අර්ජුන් මහේන්ද්‍රන් චෝදනා එල්ලවීමෙන් පසුව සිංගප්පූරුවේ සැගව සිටින බව විශ්වාස කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්