මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණ වරෙන්තු නිකුත් කර ඇති, එහෙත් තවමත් සොයාගැනීමට නොහැකි වු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විදේශීය පුවත් වෙබ් අඩවියකට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කර තිබේ.
මොහු මෙලෙස අදහස් දක්වා ඇත්තේ දකුණු අප‍්‍රිකාවේ සිට මෙහෙයවනු ලබන ව්‍යාපාරික පුවත් වෙබ් අඩවියක් වන බිස්නස් ඬේ නමැති එරට ව්‍යාපාරික දිනපතා ජාතික පුවත්පතකට ය.
මෙම පුවත පළකර තිබුණේ දින දෙකකට පෙර ය.
අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන එන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බලකිරීමේ කතාබහ දේශපාලන කරළිය ද උණුසුම් කර තිබේ.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි