නවතම පුවත්

අර්බුද උග්‍ර වූ කාලේ කොහිල කෑම වැඩිවෙලා

අසංක

අසංක

රට තුළ 2022 ආර්ථික අර්බුදය උත්සන්නව පැවති සමයේ මෙරට කොහිල පරිභෝජනය 40%කින් ඉහළ ගොස් තිබේ.

හෙක්ටර් කොබ්බෑකඩුව ‌ ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ඊයේ (29) මෑතක දී සිදු කරන ලද පර්යේෂණ කිහිපයක වාර්තා 05ක් එළිදක්වනු ලැබීය. මෙම කරුණ හෙළිවී ඇත්තේ එම පර්යේෂණවලදී ය.

රසායනික පොහොර තහනම නිසා කෘෂිකර්මාන්තයට සිදු වූ බලපෑම, ආර්ථික අර්බුදය නිසා ගෘහ ජීවිතයට සිදු වූ බලපෑම හා වනසතුන් ගෙන් සිදුවන වගා හානි හා වළක්වා ගැනීම සඳහා නිර්දේශ මෙම පර්යේෂණ අතරින් විශේෂත්වයක් දැරීය.

විශේෂයෙන් 2021 වර්ෂයේ සිට ම මෙරට ආරම්භ වූ ආර්ථික අර්බුදය සම්බන්ධව සිදු කළ Economic Crisis and Household food Security in Sri Lanka- 2022 පර්යේෂණ වාර්තාව මෙරට පැවැති ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගේ ආහාර පරිභෝජන රටාවට සිදු කළ හානිය හෙළිදරව් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පර්යේෂණ වාර්තා ඊයේ එළිදක්වනු ලැබීය.

එහිදී අප රටේ ආහාර උද්ධමනය ඉහළයාම නිසා උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධව කරුණු ගණනාවක් හෙළිකර තිබේ.

2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය 95%ක් දක්වා ඉහළ ගියේය.

එමෙන්ම නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය මෙය බව ද වාර්තාව දක්වයි.

  • ඒ අනුව රටේ ජනගහනයෙන් 86%ක් ආහාර සඳහා යොදාගන්නා අයිතමයන් ප්‍රමාණය අඩු කිරිම නිසා ආහාර රටාව වෙනස් විය. තවත් 75%ක් ආහාර අයිතමයන් ආහාර පිළියෙළ කර ගැනීම සඳහා යොදා ගැනීම අවම කළේය. 45%ක් ආහාර ගන්නා වාර ගණන අවම කළ අතර තවත් 38%ක් ගන්නා ආහාර ප්‍රමාණය අවම කරනු ලැබීය.

*දෛනිකව උපයන මුදල ආහාර සඳහා වැය කිරීම ගත් කළ වතු අංශයේ 68%ක් තමන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් ආහාර සඳහා වැය කර ඇත. එමෙන්ම රත්නපුර, අම්පාර, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාවගෙන් 75%ක් තමන් උපයන මුලු මුදලම ආහාර ලබා ගැනීම පිණිස වැය කර ඇත.

*ආහාර අනාරක්ෂිතභාවය ගත් කළ නාගරික අංශයේ 43%ක්, ග්‍රාමීය අංශයේ 52%ක් හා වතු අංශයේ 67%ක් ආහාර අනාරක්ෂිතභාවයට ලක් වූ බවත් වාර්තාව සඳහන් කරයි.

*2021 හතරවන කාර්තුව වනවිට ගෘහාශ්‍රිතව අමතර ආහාර පරිභෝජනය 3.4%ක් දක්වා පහළ වැටී තිබු අතර 2022 ඔක්තෝබර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන 2.26ක් අමතර ආහාර පරිභෝජනය නවත්වා තිබිනි.

*ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලය තුළ ගෘහස්ථව එලවළු පරිභෝජනය ගත් කළ කොහිල ව්‍යංජන සදහා යොදා ගැනීමට ඇති ඉල්ලුම 45%ක් දක්වා ඉහළ ගොස් තිබිනි. වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එලවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇත. ඊට සාපේක්ෂව බෝංචි 30%කින්, කැරට් 29%කින්, වට්ටක්කා 27%කින්, වම්බටු 27%කින් , කොළ සහිත එලවළු 10%කින් වශයෙන් පරිභෝජනයට ගැනීම පහත වැටී තිබේ.

*පෝෂණය අදාලව සළකා බලන විට නාගරිකව 25%ක්, ග්‍රාමීය අංශයේ 03%ක් හා වතු අංශයේ 07%කට ප්‍රෝටීන් බහුල ආහාර නොලැබිනි. විටමින් A සහිත ආහාර පරිබෝජනය ගත් කළ නාගරිකව 66%ක්, ග්‍රාමීය අංශයේ 46%ක් හා වතු අංශයේ 41%ක් විටමින් A සහිත ආහාර හිඟකමින් පෙළිනි. සමීක්ෂණ කාලය තුළ ජනගහනයෙන් 56%කට Heme Iron සහිත ආහාර කිසිවක් ලබා ගෙන නැත.එයිනුත් වතු අංශයේ 78%ක් හීම් යකඩ සහිත ආහාර වන මස්, හා මාළු පරිභෝජනය නොකළ බව ද සමීක්ෂණ වාර්තාව තහවුරු කර තිබේ.

*කෙසේ වුවද 2022 ඔක්තෝබර් මාසයේ 95%ක් වූ මෙරට ආහාර උද්ධමනය 2023 මේ වනවිට 57%ක් දක්වා අවම වී ඇති බවත් වාර්තාව පෙන්වා දෙයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මගින් සිදු කරන මෙම පර්යේෂණ වැඩ පිළිවෙළ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් සමග ඒකාබද්ධව සිදු කිරීම මගින් එහි නිවැරදි ප්‍රතිඵල ලබා ගත හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්