නවතම පුවත්

අරාබි මුහුදේ බිපාර්ජෝයි කුණාටුව ගැන අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රාවලට ‘බිපාර්ජෝයි’ සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.උතුරු අක්ෂාංශ 07 – 17 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 60 – 70 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා සිටිනු ලැබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර ‘බිපාර්ජෝයි’ ලෙස නම් කර ඇත.

එම පද්ධතිය ඊයේ(06) දින රාත්‍රී 11.30 වනවිට උතුරු අක්ෂාංශ 12.5ත් නැගෙනහිර දේශාංශ 66.0ත් ආශ්‍රිතව ස්ථානගතව පැවතී ඇත.’බිපාර්ජෝයි’ සුළිකුණාටුව ඉදිරි පැය 06 තුලදී චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ඉදිරි පැය 24 තුල මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 07 ත් 17 ත් සහ නැගෙනහිර දේශාංශ 60 සහ 70 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 70-80 පමණ වන අතර විටින් විට පැ.කි.මී. 90-100 පමණ දක්වා වැඩිවිය හැක.ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර විටින් විට දළ රළු වේ. එසේම, තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති විය හැක.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්