අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකාවට යළිත් මාරුවක්

Picture of අසංක

අසංක

අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජේෂ්ඨ පොලිස් අධිකාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මියට නැවතත් ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය මගින් මෙම ස්ථාන මාරුව ඇයට ලබාදී ඇත්තේ යාපනය ප්‍රදේශයට සාමාන්‍ය රාජකාරි සඳහා යි.

නමුත් අල්ලස් කොමිසමේ නිලධාරීන් ඇය තනතුරින් මුදාහැරීමට දැඩි විරෝධය පළ කර සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් තෝරා ගනු ලබන්නේ කොමිසම විසින් බවත් මෙවර සේවා අවශ්‍යතාවය මත පවසමින් මෙය මාරුවීම කර ඇත්තේ පොලිස් මූලස්ථානයෙන් බවත්ය.

ඇය වෙනුවට එම තනතුරට පත් කර ඇත්තේ පොලිස් මුලස්ථානයේ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතායි.

ඉකුත් පෙබරවාරි මාසයේ ද ඇයට ස්ථාන මාරුවක් ලැබී තිබූ අතර එම අවස්ථාවේදී ද එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු කරමින් සිටී සිටි නුවන් අසංක මහතා එම තනතුරට නම් කර තිබුණි.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී ද අල්ලස් කොමිසමේ නිලධාරින් එම මාරුවට විරෝධය පළ කළේය.