අල්ලස් ලබාගැනීමේ චෝදනා මත පිටකොටුව ලංගම මධ්‍යම බස් රථ කාර්යාලයේ රියදුරෙකු අම්පාර නාමල්ඔය ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ පැමිණිල්ල කරන ලද කාන්තාවගේ ස්වාමිපුරුෂයාට අහිමි වූ වූ ලංගම රියදුරු රැකියාව නැවත ලබාදීමට උදව් වීම සඳහා මෙලෙස අල්ලස් මුදල් ඉල්ලා ඇත.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංගම අලුත් රැකියා ලබාදීමට පුද්ගලයන් දෙදෙනකු සාදන ලෙසත් එම එක් අයකුගෙන් රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉන් පළමු කොටස වන රුපියල් 30,000 ක මුදල අල්ලස් ලෙස ලබා ගැනීමේදී ගැනීමේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශනයෙන් අනතුරුව සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.