අලිබබා අමෙරිකාවට ඉ-සිගරට් අලෙවිය නවතා දමයි

Picture of අසංක

අසංක

චීනය පදනම් කරගත් දැවැන්ත ඔන්ලයින් කඩසාප්පුවක් වූ අලිබබා විසින් අමෙරිකාවට ඉ-සිගරට් හා උපාංග අලෙවිල තහනම් කිරීමට තීරණය කර තිබේ.

ලබන 10 වැනිදා සිට එය ක්‍රියාත්මකය.

අමෙරිකාවේ අවුරුදු 35ට අඩු මියයනන් පුද්ගලයන්ගෙන් බොහොමයක් දෙනාගෙර් මරණයට හේතුව බාලවයස්කාරයන් කාලයේ සිටම ඉ-සිගරට් භාවිත කිරීම බවට අමෙරිකානු සෞඛ්‍ය වාර්තාවක් මගින් හෙළිදරව් වීමත් සමග අලිබබා සමූහය මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව පාරිභෝගික ඉ-සිගරට් හා උපාංග කොටසේ මෙන්ම අනෙක් වර්ගීකරණ යටතේ ද පවතින ඉ-සිගරට් හා උපාංග අමෙරිකාව වෙත් අලෙවිය අලිබබා විසින් ඉදිරියේ දී මුළුමනින්ම අත්හිටුවනු ඇත.

සෞඛ්‍ය තර්ජනය හේතුවෙන් පසුගිය දා ඉන්දියාව තුළ ඉ-සිගරට් ආනයනය, අපනයනය, අලෙවිය තහනම් කර තිබුණි.