එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් හෙට දින අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
ඒ පිළිබඳ තීරණය කිරිමට කෘත්‍යාධිකාරි මණ්ඩලය හෙට රැස්වන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අප වෙබ් අඩවියට සඳහන් කළේය.
එම රැස්වීම හෙට පෙරවරුවේ සිරිතොක පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත.
එහිදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරනු ලබන්නේ අලියා හෝ හංසයා ලකුණෙන් ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.