නවතම පුවත්

අලි-කොඩි ජාතික ලැයිස්තු මන්ත්‍රී පුටු 2ක් පුරප්පාඩුයි – 27ක් ගැසට් කෙරේ

අසංක

අසංක

අභිනව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් පුරප්පාඩුව පවතින බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඒ ඒ පක්ෂවල නම් ගැසට් කිරීමේ කාලය අදින් අවසන් වීමත් සමගයි.

එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක මෙලෙස පුරප්පාඩුව පවතී.

ඊට හේතු වී ඇත්තේ ඊයේ (14) පෙරවරුවේ රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ද ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පිරවීමට අවශ්‍ය නමක් යෝජනා කිරීම සම්බන්ධව එකඟතාවට පැමිණ නොමැති වීමයි.

එලෙසම අපේ ජන බල පක්ෂය තුළ නම් දෙකක් මැතිවරණ කොමිසමට මෙම මන්ත්‍රී ධුරය සඳහා යෝජනා වීම හේතුවෙන් සහ එක් නමක් සම්බන්ධයෙන් එම පක්ෂය විසින් තීන්දුවක් ලබා නොදීම නිසා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයද පුරප්පාඩුව පවතිනු ඇතැයි වාර්තා වේ. අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධ ගැටලුව පිළිබඳ මැතිවරණ කොමිසම නීතිපති උපදෙස් ඉල්ලා ඇති අතර ඊට අදාළ උපදෙස් නීතිපතිවරයා විසින් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙවර පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධූර 29ක් පවතින අතර එය පක්ෂ 7 ක් අතරේ බෙදා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි.

සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 7 ක් හිමි විය.

ජාතික ජන බලවේගය, අපේ ජන බල පක්ෂය , ඉලගංගෙයි තමිල් අරුසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමි වුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, අජිත් නිවාඩ් කබ්රාල්, අලි සබ්රී, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, මංජුලා දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ගෙවිදු කුමාරතුංග, මොහොමඩ් මුසම්මිල්, මහාචාර්ය, තිස්ස විතාරණ, යදාමිණි ගුණවර්ධන, ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්, ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ මොහොමඩ් ෆලීල් මර්ජාන් යන මහත්ම මහත්මීන්ගේ නම් ඇතුලත් ජාතික ලැයිස්තුව ගැසට් කෙරුණි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ගැසට් කළ නම් ලැයිස්තුව වන්නේ, රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉම්තියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, ඉරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්