කොළඹ අලුත්කඩේ උසාවි සංකීරණයට පිවිසිය හැකි සියලුම මාර්ග තාවකාලිකව වසා දමා තිබේ.
මේවනවිට පොලිස් නිලධාරීන් අතිවිශාල සංඛාවක් එහි රැඳී සිටින අතර පොලිස් කැරළි මර්දන ඒකක, ජල ප්‍රහාරක පවා සූදානමින් තබා ඇත.
එහෙත් එම ස්ථානයේ අති විශාල ජනතාවක් හෝ කළහකාරී බවක සේයාවක් හෝ දැනට දක්නට නොමැති පසුබිමකදී මෙවැනි සූදානමක් දක්නට ලැබීම විශේෂත්වයකි.
මේ වනවිට අධිකරණය හමුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධ පෙත්සම විභාගයට ගෙන ඇති අතර නොබෝ වේලාවකින් තීන්දුව ලබා දීමට නියමිතය.