නවතම පුවත්

අලුත්පිටම කඩාවැටෙන බෝයිං 737 ගුවන් යානා චීනය අත්හිටුවයි

අසංක

අසංක

සිය ගුවන් සේවාවෙන් බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා වහාම මෙහෙයුම්වලින් අත්හිටුවීමට චීන රජය තීරණය කර තිබේ.

ඒ මාස 6ක් තුළ දෙවැනි සිද්ධිය වූ ඊයේ සිදුවූ මෙම වර්ගයේ ඉතියෝපියාවට අයත් ගුවන් යානයක් 157 දෙනකුට මරු කැදවමින් කඩාවැටීමත් සමගයි.

ගුවන්ගතවී විනාඩි 6කදී එම යානය අනතුරට ලක්ව තිබුණි.

මෙම තත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම වර්ගයේ සියලුම ගුවන් යානා ධාවනයෙන් අත්හිටූවීමට චීන රජය තීරණය කර ඇත.

‘උවදුරු හදුනාගැනීම සදහා ශූන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තිය මත’ චීන රජය මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු 6 සිට මෙම ගුවන් යානය චීන ගුවන් සේවාවලින් මුළුමනින්ම ඉවත් කරනු ඇත.

බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ තවත් නව ගුවන් යානයක් 189 දෙනකුට මරු කැදවමින් පසුගිය ඔක්තෝබරයේ අනතුරට ලක්ව තිබිණි.

චීන බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ගුවන් යානා එම නිෂ්පාදන සමාගම විසින් අලුතින් හදුන්වා දුන් ඒවා බවත් ගුවන්ගතවී ඉතා කෙටි කලකින් අනතුරට ලක්වීමේ පොදු සාධකය මෙම අනතුරු සියල්ල සදහා බලපා ඇති බැවින් වහා පියවර ගැනීමට කටයුතු කළ බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා