රටේ වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සළකා බලා අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් එළඹෙන සඳුදා (05 ) දින නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සැලසුම් කර ඇත .
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මෙම මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුව විසින් රටේ කොරෝනා පැතිරීම ඉදිරි දිනවල සමාලෝචනය කෙරෙනු ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් මුලු දිවයිනට සහ බස්නාහිර පළාතට වෙන වෙනම සෞඛ්‍ය නීති හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී මෙම තත්වය වෙනස් කිරීමට නියමිතව ඇත .