නවතම පුවත්

කොරෝනා වසංගත සමයේ ළමා ශ්‍රමිකයින් වැඩිවෙලා – කම්කරු ඇමති

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කෝවිඩ් වසංගතය සමඟ ළමයින් ශ්‍රමිකයන් ලෙස විවිධ වෘත්තීන්හි යෙදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී

ඒ අනුව ළමා ශ්‍රමය යොදා ගැනීම මෙන්ම ළමයින් යොදාගෙන මුදල් ඉපයීමේ ජාවාරම් ද සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා නව  නීති ගෙන එන බව ද අමාත්‍යවරයා අද පවතී මාධ්‍ය හමුවකදී පැවසීය .

ඒ වෙනුවෙන් ළමා හා කම්කරු නීති, අණපනත් සංශෝධනය කළ යුතු බවත් විශේෂයෙන්ම කාන්තා, තරුණ හා ළමා රැකියා පනත යටතේ ඇති අන්තරාකාරි වෘත්තීය රෙගුලාසි සමාලෝචනය කිරීමට කාලය එළැඹ ඇති බවත්  ඇමතිවරයා මෙහිදී පැවසීය

ළමා ශ්‍රමයට හේතුව දෙමාපියන්ගේ දුප්පත්කම බවට ඇතැමුන් අර්ථ නිරූපණය කළත්, බාල වයස්කාර දරුවන් රැකියාවෙහි යෙදවීම හා මුදල් ඉපයීමට යොදා ගැනීම නීති විරෝධී බවත්, මත්වලට ඇබ්බැහි වූ දෙමව්පියන් වැඩි වශයෙන් මෙම වරද සිදුකරන බවත් ඇමතිවරයා පැවසීය.

මුදල් ඉපයීමේ කටයුතුවලට ළමයින් යොදා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කළ යුතු බව කී ඇමැතිවරයා වීදි වල සැරිසරන මෙම ළමුන් පිළිබඳව නිරන්තර වැටලීම් සහ විමර්ශන කළ යුතු බව ද අවධාරණය කළේය.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්