එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර නොදිරන ලන්ච්ෂීට් සම්පූර්ණයෙන්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි ..
අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද කියා සිටියේ ඒ සඳහා අදාළ නීතිරීති දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
පරිසරයට අහිතකර තවත් පොලිතීන් නිෂ්පාදන රැසක් ඉදිරියේදී තහනම් කිරීමට පියවර ගන්නා බවද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා සිටියේය