නව ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායාමේ ප්‍රථම රැස්වීම අද පස්වරු 6ට කොළඹ ජනාධිපති මන්දිරයේදී ආරම්භවීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ආණ්ඩුවට අයත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින සහභාගි වනු ඇති බව වාර්තාවේ.
ඉදිරි මහ මැතිවරණය සම්භන්ධව වැදගත් කරුණු රැසක් මෙහිදී සාක්ච්ජාවීමට නියමිතව ඇත.
විශේෂයෙන් එම මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂය හා සලකුණ පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බව රජයේ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.
නව රජයේ ගමන් මග පිළිබඳ මගපෙන්වීමක් සහ උපදෙස් මාලාවක් ද ජනපතිවරයා විසින් මෙහිදී ලබාදෙනු ඇති බව ඔහු පැවසීය